Skip to main content

Posts

වසන්තය එනවා සත්ත යි...

ඔයා හිතනවා ඇති මට ඔයාව අමතක වෙලා ඇති කියලා.ඒකට හේතුව ඔයාගේ ආදරයේවත් මගේ ආදරයේ අඩුවක් නෙවෙ යි.මම පහුගිය ටිකේ ගෙවපු අතිශය කාර්්‍යබහුල ජීවිතය යි.මගෙන් කෙටි පණිවුඩයක් නැතිවෙනකොට ඔයාට ගොඩාක් දුක හිතෙනවා කියල මං දන්නවා.ඒත් මං පුළුවන් වෙලාවකට එවන  කෙටි පණිවුඩයකට මට උහුලන්න බැරි ප්‍රතිචාර එවන්න එපා.ඒක මට දරාගන්න ගොඩාක් අමාරු යි. ඔයා වචනෙන් කියන්නේ නැති දහසකුත් දේ ඔයාගේ හැඟීම් වලින් ප්‍රකාශ වෙනවා.මම ඔයත් එක්ක ගෙවපු ටික කාලෙට ඔයා ගොඩාක් කැප කිරීම් කළා.ඒක මං නොදන්නවා නොවෙ යි. ඔයා ඉස්සර එවන ආදරය උතුරා යන  කෙටි පණිවුඩයක් මාව කල්පයක් ජීවත් කරවන්න පුළුවන්. මගෙ වස්තුවට මතකද ඉස්සර අපි පුංචි පුංචි රංඩු ඇති කරගෙන තරහ වෙලා පස්සේ ගොඩාක් ළං වෙනවා ? ඔයාට ඒවා අමතක ද රත්තරං ?  ඔයා මගෙත් එක්ක ඉන්නකන් මේ කිසිම කෙනෙකුට අපිව වෙන් කරන්න බැහැ.මගේ හදවතේ ඔයාට තියෙන තැන වෙන කාටවත් ගන්න බැහැ.ඒක මෙහෙම වචනවලින් ප්‍රකාශ කරන්න තරම් මං භාෂාව ප්‍රගුණ කරල නැහැ."මම ඔයාට ආදරෙ යි" කියන වචන තුනකට ඒක ලඝු කරන්න බැහැ.මං මේ ගෙවන වියළි ජීවිතයට ඔයාගේ ආදරේ මට පැන් පොදක් වගේ.මේ පිපාසය නිවන්න පුළුවන් ඔයාට විතර ම යි.
Recent posts

හීන සිත්තම් කළා...

මං ඔයාට ආදරය කරන්න පටන් ගත්තේ ඔයාව දැක්ක මුල් ම දවසෙ ඉඳලා.මට ඔයා ගැන ආදරයක් ඇතිවුනේ ඇයි කියන්න අදටත් මං හරියට ම දන්නේ නෑ.ඔයා බිම බලාගෙන ඇවිදින හැටි,හොරෙන් හොරෙන් මං දිහා බලලා බිම බලාගන්න හැටි මාව තව තවත් ඔයාට ආදරය කරන්න උත්තේජනය කරනවා.මගේ ජීවිතේට ගැහැණු ළමයි ගොඩාක් ළං වෙන්න උත්සහ කරල තියෙනවා.ඒත් ඒ එක්කෙනෙක්ගේ ළඟ දි වත් මට දැණුන් නැති ලෙංගතුකමක් මට ඔයා දකිද්දී දැනෙනවා.ඔයාගෙ ඉස්සරහ මේ තරම් ම හැඟුම්බර වෙන්නේ මේ මම ම ද කියල වෙලාවකට මට හිතෙනවා.ඒ තරමට ම ඔයා මාව දමනය කරලා.

Love එකට කෙළවී ම

මම ගෑනු ළමයෙක්ට කිව්වා “ඔබේ ඇසගින් බලා සනසන්න මාගේ සිහිනේ කියලා" එයා කිව්වා “සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් වෙලා” කියලා මම කිව්වා “මගේ රන්කඳට මං ආදරෙයි” කියලා එයා කිව්වා “පේ‍්‍රමය පුද දී අවසානයි ඔහු සතු වී කාලය බෝම යි” කියලා. තව කලින් ඇහුවනම් සලකා බලන්න තිබ්බා” කියලත් කීවා.

නූගතාගේ හිස යකාගේ කම්හලයි...

ස්වයං චින්තනයක් නැති කෙල්ලෙක් පුරුෂ සංස්කෘතියක් නැති කොල්ලෙක් එක්ක  ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගත්තම ඒ කෙල්ලව හසුරුවන්නේ ඇයගේ පෙම්වතා. ඒක විශාල ඛේදවාචකයක්.ඒ වගේ කෙල්ලෙක් එක්ක ගනුදෙනු කරන එකත් විශාල අරගලයක්. මොකද ‘බ්රේන් වොෂ්  කරපුවාම පාලනය කරන්නේ වෙන කෙනෙක්නේ. හැබැයි ඒක දීර්ඝ කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.එයා යම් මොහොතක කෙළවා ගන්නවා ම යි.ඒක අවුල්.ඒත් කරන්න දෙයක් නෑ.මොකද එහෙම වැඩවසම් ඔළුගෙඩියක් වෙනස් කරන්න අමාරුයි. ඒකට උත්සහ ගන්න එකත් බොරු වැඩක්. 

ඔබ යන්න...

මම අහන්නේ නෑ ඔයාගේ හිත රිදුණද කියලා.මොකද ඔයා ම යි මාව රිදෙව්වේ.ඔයාගේ හෘද සාක්ෂිය ඒක දන්නව ඇතිනේ!.ඔයත් එක්ක තව දුරටත් එකට ජීවත් වෙන්න බැරි නම් ඒකෙන් ඈත් වෙන එක අපි දෙන්නට ම හොදයි. විඳවා විඳවා ජීවත් වෙලා වැඩක් නැහැ.ජීවත් වෙනවා කියන්නේ විඳවන එක නෙවෙ යි විඳින එක.ඔයා අය මාව හම්බවෙන්න එන්න එපා;කරදරයක් නිසා නෙවෙයි.පෑරුණු හිතක් තව තවත් පාරන එක ඔයාට පව් නිසා!ඔයා ජීවිතේ ගොඩක් දේවල් හොයනවා ඇති.ඒත් මට තවත් ජීවිතේ හොයන්න දෙයක්  ඉතුරු වෙලා නැහැ.මොකද මට මුළු ජීවිතේ ම වුණේ ඔයා.මම ඔයාට සාප කරන්නේ නැහැ.මොකද මම ඔයාට ආදරය කළේ හදවතින් ම නිසා.ඔයා ආදරය කියන එක කායික උවමනාවක් කියලා ලඝු කළාට මට ඒක මානසික උවමනාවක්.ඒක ලබන්න මං පින් කරලා නැතිව ඇති.ඔයා දැන් මට හීනයක්.ඒත් මං ඒ හීනයට ආදරෙ යි.හීනවලට ආදරය කරන එක බොළද දෙයක් තම යි.ඒත් ඒක ප්‍රාර්ථනාවකට වඩා ලෙන්ගතු යි.ඒ හීනයට ආදරය කරන්න ඉඩ දෙන්න.ඔයා ඈතට යන්න.මම මෙතන ම ඉන්නම්.

මගේ ලොවට ඔබ...

ඔයා හිතනවා ඇති මම කිසිම තෙතමනයක් නැති පිරිමි හඳවතක් කියලා.ඔයා මට ආදරේ කරන තරමට ම මම ඔයාට ආදරේ කරන්නේ නෑ කියලා.ඔයාට මගේ හමුවීම,මගේ ආදරය ඔයාට මුළු ජීවිතේ ම උනාට මට ඔයා ගැන හැඟීමක් ඇති වෙලා නෑ.අපි දෙන්නා අතර ආදර හැඟීමක් ඇති වෙන තරමේ දෙයක් සිද්ධ වෙලත් නෑ.ඔයා මගේ ආත්මෙ ම ආදරයෙන් වෙළා ගන්නකොට මම කළේ ඔයාගෙන් ඈත් වෙන එක.මම ඔයාගේ ආදරේ හෑල්ලුවකට ලක් කරනවා නෙවෙ යි.ඔයාට යථාර්තය තේරුම් කරන්න උත්සහ කරනවා.

හීන ඇත්තක් වෙලා...

ආදරයක්,සෙනෙහසක්,උණුහුමක් වත් තිබ්බේ නැති මගේ තනි හිතට ඔයා හීනයක් වුණා.ඔයා ආඩම්බරකමට මට ඔච්චම් කළාට මගේ හිත ඔයාගේ ඔය දඟකාර ඇස් දෙක ගාව නැවතුණා.මාව,මගෙ හැඟීම් ඔයා මහ මෙරක් තරම් ආදරයකින් වෙළා ගත්තා.අසනි වැසි වැටෙන අඳුරු අහසට ඔයා ආලෝකයක් වුණා.මගේ මුළු ජීවිතේ ම ඔයාගේ ඔය කෝල බැල්ම ඉස්සරහ නැවතුණා.මං මහා මිරිඟුවක් කියල හිතන් හිටපු ඔයා මට දැන් සින්නක්කර ම හිමිවෙලා.ඔයා මගේ පපුවට තුරුල් වෙලා ඉන්නකොට මට මුළු ලෝකෙ ම හිමි වුණා වගේ දැනෙනවා.ඔය හිත දැන් මගෙ ළඟ ම නිසා ඒ හීනය ඇත්තක් වෙලා...